පසුගිය වසරේ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී තිබෙනවා.
වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පැවසුවේ පසුගිය වසරේ යල හා මහ කන්නවලදී ගොවීන් 41 දෙනෙකු එලෙස මී උණ රෝගයට ගොදුරුව ඇති බවයි.
ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම තුළින් මී උණ රෝගයෙන් වැළකි සිටීමට හැකියි.
මේ අතර යාපනය දිස්ත්‍රික්කය තුළ පැතිරී ගිය ආකාරයට වව්නියාව දිස්ත්‍රික්කයේ මී උණ පැතිරයාම වළක්වා ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.