Tuesday, January 7, 2025

General line - 0115112241

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන වෙනුවෙන් පානදුර-උතුර පොලිසිය කරපු ලස්සන වැඩේ




වසර 100 ක් පමණ පැරණි කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය වෙන් කෙරෙන මොරටුව, දිගරොල්ල පාලම තුළට පාරිසරික හානි සිදුවන අයුරින් අවදිමත් ලෙස බැහැර කර තිබූ කැලිකසල ඉවත් කිරීම පානදුර - උතුර පොලිසිය විසින් සිදුකරනු ලැබුවා.

ඒ, පානදුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන්.

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව පරිසරය පිරිසිදුව තබා ගැනීමේ අරමුණින් යුතුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියමයෙන් හා මහජන සහභාගිත්වයෙන් එම පිරිසිදු කිරීම් කටයුතු සිදුකර තිබෙනවා.

පානදුර උතුර පොලිසියේ පරිසර අංශයේ නිලධාරීන්, පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් හා හොරේතුඩුව සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් එක්ව දිගරොල්ල පාලම මත දමා තිබූ විවිධ කැලි කසල වෙන් කිරීමෙන් අනතුරුව එම කසල තොගය ට්‍රැක්ටර් රථ තුනක බහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ව්‍යාපාරිකයකුට අයත් භූමියකට බැහැර කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.