කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 09යි 30ට යළි රැස් වුණා.
මෙම වසරේ පළමු පාර්ලිමේන්තුව රැස්වීම අදට යෙදී තිබීම විශේෂත්වයක්. සභාවේ කටයුතු ආරම්භයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය නිවේදන ඉදිරිපත් කළා.
ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මහාචාර්ය අනිල් ජයන්ත, ගමගෙදර දිසානායක, ගයාන් ජනක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කර ඇති බවයි කතානායකවරයා එහිදී සභාවට දැනුම් දුන්නේ.
කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නියෝජනය කරනවා.