ඇමෙරිකාවට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් මේරිලැන්ඩ් , වර්ජිනියා, වෙස්ට් වර්ජිනියා, කැන්සස්, මිසුරි, කෙන්ටකී හා ආකන්සස් යන ප්‍රාන්ත 7කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
උත්තර ධ්‍රැවය වටා ගමන් කරන අයිස් සහ ශීත වාතය ධ්‍රැවීය සුළි කුණාටු හේතුවෙන් ඇති වන ආන්තික කාලගුණ තත්ත්වයක් ලෙසයි කාලගුණ අංශ මෙය හඳුන්වන්නේ.
මේ අතර අධික හිම පතනය හේතුවෙන් ගුවන් ගමන් වාර 2000කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් වාර 6500ක් පමණ ප්‍රමාද කිරීමට බලධාරීන්ට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
නැගෙනහිර ඇමෙරිකාවේ මිලියන 3කට ආසන්න පිරිසකට විදුලි බලය අහිමි බව ද සඳහන්.
ඉදිරි සති කිහිපය පුරා මෙම අයහපත් කාලගුණයෙන් ජනතාවට පීඩා විදිමට සිදුවිය හැකි බවයි එරට කාලගුණ අංශ අනාවැකි පළ කර තිබෙන්නේ