දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල නගරයේදී කුලී රථ රියදුරෙකුට පහර දී මුදල් හා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු දඹුල්ල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 ත් 55ත් අතර වයස් වල පසුවන දඹුල්ල ප්රදේශයේ පදිංචිකරුවන් වනවා
පුද්ගලික කුලී රථ සේවා සපයන ආයතනයකින් මාර්ගගත ක්රම වේදය ඔස්සේ ලබා දුන් ගමන් වාරයක් අනුව, කටුනායක ගුවන්තොටුලපල වෙත විදේශිකයෙකු රැගෙන යාම සඳහා මෙම රියදුරු දඹුල්ල නගරය වෙත පැමිණ තිබෙනවා
පසුව විදේශිකයා කාර් රථයට නංවා ගැනීමෙන් පසු දඹුල්ල නගරයේ හය ලබා නොගන්නා ලෙසට සැකකරුවන් විසින් එම රියදුරුට තර්ජනය කරමින් පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 87,000 ක මුදලක් හා රුපියල් 15,000 ක් වටිනා උපැස් යුවලක් කොල්ලකා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙන්නේ
මෙම සිද්ධියට සම්බන්ධ . සැකකරුවන් 2025.01.06 වන දින දඹුල්ල ගරු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.01.08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.