Wednesday, January 8, 2025

General line - 0115112241

“ළඟම පාසල - හොඳම පාසල” ව්‍යාපෘතිය ගැන සමාලෝචනයක්




“ළඟම පාසල - හොඳම පාසල” ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ පාසල් සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

අදාළ ව්‍යාපෘතියට තෝරා ගත් බොහෝ පාසල්වල සංවර්ධන කටයුතු අර්ධ වශයෙන් සිදු කර ඇති බවයි ඇය පෙන්වා දුන්නේ. 

නව රජයේ සංකල්පයකට අනුව සියලුම දරුවන්ට කිලෝමීටර් 03ක සීමාව ඇතුළත යා හැකි ප්‍රාථමික පාසලක් සහ එවැනි ප්‍රාථමික පාසල් කිහිපයක් එක් කර අංග සම්පූර්ණ ද්විතීයික පාසලක් ඉදි කිරීමට අපේක්‍ෂා කරන බවද අග්‍රාමාත්‍යවරිය කියා සිටියා. 

ඒ අනුව අර්ධ වශයෙන් සංවර්ධනය කර ඇති පාසල් හඳුනාගෙන නව වැඩසටහනට එක් කරගැනීමට අපේක්‍ෂිත බවයි අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ.