Thursday, January 9, 2025

General line - 0115112241

“ක්ලීන් ශ්‍රී ලංකා” ගැන රටට කියන්න දෙදින විවාදයක්




“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය c මෙනවිය පවසනවා. 

ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වෙන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ. 

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳ ඇතිව තිබෙන සංවාදය හේතුවෙන් ජනතාවට ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙම විවාදයේ අරමුණ බවද පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා.

 


සමාජ පරිවර්ථනයක් උදෙසා ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතු බවත්, එය පැය 24කින් සිදුකළ හැකි ක්‍රියාවලියක් නොවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙහිදී පැවසුවා.


පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණ පිළිබඳව ද මෙලෙස පැහැදිලි කළා.


මෙම වැඩසටහනට ජනතාවගේ සහාය ලබා ගන්නා ආකාරය මෙලෙස පැහැදිලි කළා.


“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට අරමුදල් රැස්කර ගන්නේ කෙසේද? 


පාර්ලිමේන්තුවේ කටයුතු තවදුරටත් සිදුවන අතර එහි සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.