මෙරට වාර්ෂික දරු උපත් ප්‍රමාණය දශකයක් පමණ කාලය තුළදී ලක්ෂයකින් පමණ අඩු වී ඇති බව අනාවරණ වනවා.
2013 වසරේදී ලක්ෂ තුන හමාරක් පමණ වූ මෙරට දරු උපත් ප්‍රමාණය පසුගිය වසර වන විට දෙලක්ෂ 28,000කින් පමණ අඩු වී ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා පෙන්වා දෙන්නේ.
මීට බලපා ඇති කරුණු සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අදහස් දැක්වූයේ මෙලෙසයි.
මේ හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි අහිතකර තත්ත්වන් පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.
මේ අතර පසුගිය 2024 වසරේ මෙරට මධ්‍ය වාර්ෂික ජනගහණය 2023 වසරට සාපේක්ෂව එක් ලක්ෂ 20,555කින් අඩු වී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනාවරණ කරනවා.
උපත්වල ක්රමික අඩු වීම හා රටින් පිටව ගිය ජනගහනය වැඩි වීම ඊට හේතුවී තිබෙනවා.
ඒ අනුව 2023 වසරේ ජූලි සිට 2024 වසරේ ජූනි දක්වා කාලය තුළ උපත් දෙලක්ෂ 28,091ක් මෙරට තුළ සිදුව ඇති අතර එම කාලසීමාව තුළ මෙරට තුළ සිදුව ඇති මරණ ගණන එක් ලක්ෂ 71,714ක්.
අදාල කාලසීමාව තුළ ශුද්ධ සංක්‍රමණය ඍණ එක් ලක්ෂ 76,932ක් වන බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ මධ්‍ය වාර්ෂික ජනගහණ වාර්තාවේ දැක්වෙන්නේ.