Thursday, January 9, 2025

General line - 0115112241

උතුරු මැද ප්‍රශ්න පත්‍ර පිට කළ ගුරුවරයාගේ වැඩ තහනම්

සජිත් ගයාන්




උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 06 සහ 07 ශ්‍රේණි වාර විභාගවල ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. 

ඒ, අදාල චෝදනාවට ඇය වරද පිළිගැනීමත් සමඟයි. මෙලෙස පිටවී තිබුණේ උතුරු මැද පළාතේ පාසල්වල 06 සහ 07 ශ්‍රේණියේ තුන්වන වාර පරීක්ෂණයට අදාල භූගෝල ප්‍රශ්න පත්‍රයයි.

මේ අතර උතුරු මැද පළාතේ පාසල්වල 11 ශ්‍රේණියේ සිසුන් සඳහා ලබාදීමට තිබූ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියක් ද ඉකුත්දා වාර්තා වුණා. 

ඒ අනුව 11 ශ්‍රේණියේ සිසුන් සඳහා වූ විභාග අත්හිටුවීමටයි පළාත් අධ්‍යාපන බලධාරින් පියවර ගෙන තිබුණේ. 

අදාල විභාග ජනවාරි 27 වනදා සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බවටද වාර්තා පළ වනවා.
 

මේ අතර 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අද සිට ආරම්භ වුණා. 

ඒ, ශිෂ්‍යත්ව විභාගයේ කලින් පිටවූ ප්‍රශ්න 03 සම්බන්ධයෙන් පැවති නඩු කටයුතුවලින් අනතුරුව ඒ සඳහා නිදහස් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීමෙන් පසුවයි.