ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට බස්නාහිර පළාත් සභාව නියෝජනය කළ දේශපාලඥයින් පිරිසක් සූදානම් වන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
දේශපාලන පක්ෂ කිහිපයක් යටතේ තරඟ කළ මන්ත්‍රීවරුන් පිරිසක් එක් ස්වාධීන කණ්ඩායමක් ලෙස එම මැතිවරණයට තරඟ කිරීමටයි සැලසුම් කරමින් සිටින්නේ.
හිටපු මහ ඇමතිවරුන්, හිටපු අමාත්‍යවරුන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් එම මැතිවරණයට තරඟ කිරීමට සූදානම් වනවා.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කොළඹට නුදුරු ප්‍රදේශයකදී පවත්වා ඇතැයිද වාර්තා වුණා.
දේශපාලන පක්ෂවලින් තරඟ නොකොට ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට ඔවුන් එහිදී සාකච්ඡා පවත්වා තිබීම විශේෂත්වයක්.