අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් ප්‍රාන්තයේ මේ වන විට පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ලැව් ගින්න තවදුරටත් පැතිර යා හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදු විය හැකි බවයි එම විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 6,000කට අධික පිරිසකගේ නිවාස විනාශ වී ඇති බවට සඳහන්.
එසේම අතහැර දමා ගිය නිවාස කොල්ලකෑම් ද වාර්තා වනවා.
ඊට අදාළ පුද්ගලයින් 20 දෙනෙකු මේ වන විට එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙසේවෙතත් එම ලැව් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙය ගිනි තැබීමක් බවට අනාවරණය වුවහොත් ලැව් ගින්නෙන් සිදුවන ඕනෑම මරණයක් මිනීමැරුමක් ලෙස සලකා ක්‍රියා කරන බවයි එරට රජය පවසන්නේ.