බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගයේදී සංචාරකයින් පිරිසක් රැගත් රථයකට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
කෙසේවෙතත් එම වනඅලි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මෙම මාර්ගය දෙපස රැඳී සිටින වනඅලි නිරන්තරයෙන් රථ වාහනවලට පහරදෙන සිදුවීම් රැසක් පසුගිය කාල සීමා වාර්තා වී තිබෙනවා.
ඒ අනුව බුත්තල කතරගම මාර්ගයේ දී වනඅලින්ට ආහාර ද්‍රව්‍ය ලබා නොදෙන ලෙසත් වනඅලි අසලටම ගොස් ජායාරූප නොගන්නා ලෙසටත් වනජීවි නිලධාරීන් රියදුරන් ඇතුළු සංචාරකයින් ගෙන් ඉල්ලීමක් කරනවා.