Monday, January 13, 2025

General line - 0115112241

දින 10ක් ඇතුළත වරාය තුළ ඇති බහාලුම් ගැටළුවට විසඳුම් ලබාදීමට රජයේ අවධානය




කොළඹ වරාය තුළ තිබෙන බාහාලුම් ගැටළුවට ඉදිරි දින 10 තුළදී විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. 

අමාත්‍යවරයා පැවසුවේ ඉදිරි නිවාඩු දිනයන්වලදී ද සේවාවන් ලබාදී නිශ්කාෂනය කිරීමට ඇති බහාලුම් වැඩි කොටසක් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවයි.

කන්ටේනර් රථ ගාල් කිරීම සඳහා කොළඹ ප්‍රදේශයේ ඇති රජයට අයත් ඉඩම් දෙකක් ලබාදීමටත් එම සාකච්ඡාවේදී එකඟ වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

බහාලුම් ප්‍රවාහන රථ සංගමයේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමඟ පැවති සාච්ඡාවෙන් අනතුරුව එම සංගමයේ උප සභාපති සන්දනම් විජයම් මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා.