රජය ප්රකාශයට පත් කර ඇති නව බදු ප්රතිශතවලට අමතරව වාහන ආනයනය කිරීමේදී අනෙකුත් සියලුම බදු එකතු වීමෙන් පසු සමස්ත බදු ප්රතිශතය සියයට 500යේ සීමාව ඉක්මවා යා හැකි බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති ප්රසාද් මානගේ මහතා පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී වාහන ආනායනය කිරීමට අවසර ලැබුණද තවදුරටත් වාහන මිල ගණන් ඉහළ යෑමේ හැකියාවක් පවතින බවයි.
ඇතැම් වාහන සඳහා බදු ප්රතිශතය සියයට 600 ඉක්මවීමේ හැකියාවක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.