Friday, September 20, 2024

General line - 0115112241

අලි නිරීක්ෂකයන් යොදවයි




දුම්රියේ ගැටී වනඅලීන් මියයාම නතර කර ගැනීමට ගතහැකි දීර්ඝකාලීන කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව හෙට (29) දිනයේදී ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලට භාරදීමට නියමිතයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සහ වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිදුකළ ක්‍ෂේත‍්‍ර චාරිකාවකින් පසු ගනු ලැබූ තීරණ එම වාර්තාවට ඇතුළත් කර තිබනෙවා.

එම ක්‍ෂේත‍්‍ර චාරිකාවෙන් පසු මේ වනවිට තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ මඩු සහ සෙට්ටිකුලම අතර දුම්රිය වේගසීමා පැනවීමටයි තීරණය කෙරුණේ. ති‍්‍රකුණාමලය සහ තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයන්හි අලි නිරීක්‍ෂකයන් යෙදවීමටද තීරණය කර තිබෙනවා. මෙම මාසයේදී පමණක් දුම්රියේ ගැටී වනඅලීන් හය දෙනෙකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.