Friday, September 20, 2024

General line - 0115112241

පත්තරවලට ‘ටීවි – රේඩියෝ’ බැරිද? – රජයෙන් පිළිතුරු




රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යන ආයතනවලට මුද්‍රිත ප‍්‍රකාශන මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යාම තහනම් කිරීමේ කිසිඳු නීතියක් පැනවීමට බලාපොරොත්තු නොවන බව රජය පවසනවා.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සඳහන් කළේ මුද්‍රත මාධ්‍ය ආයතනවලට රූපවාහිනී හෝ ගුවන් විදුලි මාධ්‍ය ආයතන පවත්වාගෙන යාම තහනම් කිරීම සම්බන්ධයෙන්ද කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි.

ජනමාධ්‍ය ආයතන නියාමනය කිරීම පදනම් කර ගනිමින් ඇතැමුන් අසත්‍ය ප‍්‍රචාර ගෙන යමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ජනමාධ්‍ය ආයතන නියාමනය කිරීම සම්බන්ධයෙන් සමාජයේ පුළුල් මතවාදයක් නිර්මාණය වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.