වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි පිළිබඳ ගණනය කිරීම් අවසන් අදියරේ පවතින බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඒ අනුව එම වගා හානි වෙනුවෙන් වන්දි ලබාදීම හැකි ඉක්මනින් ආරම්භ කරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ අවශ්‍ය කටයුතු සම්පූර්ණ වූ වාහාම වන්දි ලබාදීමට කටයුතු සැලසුම් කර ඇති බවයි.