ගජමුතු 07ක් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු දිවුලපිටිය ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් නිලධාරින් කණ්ඩායමක් දිවුලපිටිය නගරයේ සිදුකල වැටලීමකදීයි.
සැකකරුවන් එම ගජමුතු රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලකට අලෙවි කිරීමට සූදානමින් සිටි බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතලේ හා මහවෙල ප්රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.