වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 09කින් ජය ගැනීමට අමෙරිකානු එක්සත් ජනපද කණ්ඩායම අද සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් වයස අවුරුදු 19න් පහළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 75ක් පමණයි.
ලකුණු 76ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි වයස අවුරුදු 19න් පහළ අමෙරිකානු එක්සත් ජනපද කාන්තා කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 79ක් රැස් කරමින් තරගය ජය ගත්තා.
වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය ද අද පැවැත් වුණා.
එම තරගය කඩුලු දෙකකින් ජය ගනු ලැබුවේ ඕස්ටේ්රලියානු කණ්ඩායමයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 91ක්. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 92ක් රැස් කළා.
මේ අතර එම තරගාවලිය යටතේ තවත් තරග 04ක් අද පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙවර සත්කාරකත්වය හිමිව ඇත්තේ මැලේසියාවටයි