පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයකට රුපියල් 18,520ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයෙකු ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයත් මතයි.
බණ්ඩාරවෙල ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයකු වන සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා.
අදාළ පාසලට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා සිමෙන්ති කොට්ට දහයක් සඳහා වන මුදල පාසල ඉදිරිපිට පිහිටි වෙළඳසැලකට ගෙවන ලෙස සැකකාර විදුහල්පතිවරයා විසින් පැමිණිලිකරුට නියම කර තිබෙනවා.
පැමිණිලිකරු එම මුදල ගෙවූ බව දැනුම් දීමෙන් අනතුරුව සැකකාර විදුහල්පතිවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.