දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් මගින් නිකුත් කරන ටිකට් පත් වැඩි මිලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළා.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව එම විමර්ශනය ආරම්භ කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කළේ.
ඔන්ලයින් මාර්ගයෙන් කෙටි වේලාවක් තුළ ටිකට් පත් ලබාගෙන ඒවා වැඩි මිලකට අලෙවි කිරීමේ ජාවාරමක් ක්රියාත්මක බවත් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා.