ඇමරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
එම අවස්ථාවේදී ඇමරිකානු ජනාධිපති ලෙස නැවත තේරී පත්වූ ට්‍රම්ප් මහතාට ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ප්‍රධාන රටවල් දෙකක් වන චීනය සහ ඇමරිකාව සිය සිහින හඹා යමින් දෙරටේ ජනතාවට යහපත් ජීවිතයක් උදාකර දීමට කැපවී සිටින බව ෂී ජින් පිං මහතා පෙන්වා දී ඇති අතර චීන-ඇමරිකා සබඳතාවයට යහපත් ආරම්භයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ෂී ජින් පිං ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
තායිවාන ප්‍රදේශය පිළිබඳ ගැටළුව චීනයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය පිළිබඳ කරුණක් වන බෑවත් එය නිසි අයුරින් අවබෝධ කරගන්නා ලෙසද ෂී ජින් පිං ජනාධිපතිවරයා ඉල්ලීමක් ද කර තිබෙනවා
ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පිළිබඳව ඩොනල්ඩ් ට්‍ර්ම්ප් මහතා එම සංවාදයේ දී ස්තුතිය පළ කළ බවයි වාර්තා වන්නේ.
දිගුකාලීන සුහදශීලී සබඳතා පැවතිය යුතු බවත් පොදු ප්රයත්න යටතේ ලෝක සාමය ආරක්ෂා කළ යුතු බවත් ඔහු පවසා තිබෙනවා.