Friday, January 24, 2025

General line - 0115112241

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු නිකුත් වෙයි




2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

සිංහල මාධ්‍යයේ ඉහළම කඩයිම් ලකුණ 143ක් වනවා. 

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩයිම් ලකුණ 143ක්. 

හම්බන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයේ කඩයිම් ලකුණ 139ක් වනවා. 

පුත්තලම අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයේ කඩයිම් ලකුණ 137ක්. 

නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයේ කඩයිම් ලකුණ 136ක් වනවා.

දෙමළ මාධ්‍යයේ ඉහළම කඩයිම් ලකුණ 141ක් වනවා. 

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලින් දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් සඳහා එම කඩයිම් ලකුණ අදාල වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ අතර කිසියම් විභාග අපේක්‍ෂකයෙකුගේ ලකුණු පිළිබඳව අභියාචනා කිරීමට අවශ්‍ය වන්නේ නම් ජනවාරි මස 27 වනදා සිට පෙබරවාරි මස 08 වනදා දක්වා කාලය තුළ මාර්ගගත ක්‍රමයට අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.