පොලිස් නිලධාරීන්ගේ සියලු ස්ථාන මාරුවීම් නිත්‍යනුකූලව සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික පොලිස් කොමිසමට උපදෙස් දී ඇති බව වාර්තා වනවා.
ඒ, ඉකුත් දා පැවති සාකච්ඡාවකදීයි.
මෙතෙක් යෝජනා කර තිබූ උසස් පොලිස් නිලධාරීන්ගේ ඇතැම් ස්ථාන මාරුවීම් පොලිස් කොමිසම අනුමත කර තිබුනේ නැහැ.
මේ සම්බන්ධයෙන් ඇතිව තිබූ යම් අනවබෝධයන් හේතුවෙන් පොලිස් කොමිසම ජනාධිපතිවරයා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉල්ලීමක් කර තිබුනා.
මෙවැනි ස්ථාන මැරුවීම් කර නොතිබූ අවස්ථාවල පෙර සිටි ජනාධිපතිවරුන් ඒවා පිළිබඳව පොලිස් කොමිසමට බලපෑම් කර තිබුනත්, වර්තමාන ජනාධිපතිවරයා පවසා ඇත්තේ නිත්‍යනුකුලව සියල්ල සිදු කරන ලෙසයි.
ඒ සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන්ද ජනාධිපතිවරයාට ප්‍රසාදය පළ වී ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව නිර්දේශ කර තිබූ උසස් පොලිස් නිලධාරීන් බොහොමයකගේ මැරුවීම් ක්‍රියාත්මක නොවනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
මේ අතර දැනට පරිපාලන අංශයේ වැඩ බලන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් ද ඒ අතර සිටින බවට වැඩිදුරටත් වාර්තා වුණා.