වසා දමා තිබූ මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ හුන්නස්ගිරිය, කහටගොල්ල කොටස රථ වාහන ධාවනය සඳහා යළි විවෘත කර තිබෙනවා.
උඩුදුම්බර පොලීසිය පැවසුවේ ඊයේ පස්වරු 06ට වසා දමා තිබූ එම මාර්ගය අද පෙරවරු 06ට යළි විවෘත කළ බවයි.
අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් පසුගිය දින කිහිපයේදීද රාත්‍රී කාලයේදී මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගිය වසා දැමුණා.