Friday, January 24, 2025

General line - 0115112241

ලොස් ඇන්ජලිස් ගින්න හේතුවෙන් තවත් දහස් ගණනක් ඉවත් කිරීමට පියවර




කැලිෆෝනියාවේ ලොස්ඇන්ජලිස්හි ලැව් ගින්න මේ වන විට ලොස්ඇන්ජලීස් නගරයේ සිට සැතපුම් 45ක් පමණ වයඹ දෙසින් පැතිර යමින් තිබෙනවා. 

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. 

පැය කිහිපයක් තුළ අක්කර 9,400කට අධික ප්‍රමාණයක් ලැව්ගින්නෙන් විනාශ වී ඇති බව සඳහන්. 

මේ වන විට එම ප්‍රදේශයේ ගින්න සියයට 24ක් පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ. 

ලැව් ගින්න පාලනය කිරීම සඳහා 4,000කට අධික ගිනි නිවන භටයින් පිරිසක් ද යොදවා තිබෙනවා. 

ප්‍රදේශයේ සුළං පැයට කිලෝමීටර් 32ත් 48ත් වේගයකින් හමා යන අතර එය තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

මේ හේතුවෙන් ගින්න පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවට අනතුරු අඟවා තිබෙනවා. 

ලැව් ගින්න හේතුවෙන් මේ වන විට මිය ගොස් ඇති පුද්ගලයන් ගණන 28 ක් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.