ඇපමත මුදා හැර සිටි කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වශයෙන් කටයුතු කළ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා අධිකරණය මගහැර රටින් පලා ගොස් තිබෙන බවට කරුණු අනාවරණ වී ඇතැයි නීතිපතිවරයා විසින් මාතලේ මහාධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම කරුණු සලකා බැලූ මාතලේ මහාධිකරණ විනිසුරුවරයා අදාල විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් අද වරෙන්තු නිකුත් කිරීමටද නියෝග කළා.
මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජන්ඩ් ට්‍රෝෆි ක්‍රිකට් තරඟාවලියේදී ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඉකුත් වසරේ තරඟ පාවාදීමට යෝජනා කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබුණා.