යාපනය, පලාලි වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 111යි ග්‍රෑම් 975ක් සමග සැකකරුවෙකු පලාලි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුධ හමුදා බුද්ධි අංශය ලබා දුන් තොරතුරක් මත යාපනය විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිදුකළ වැටලීමකදී අදාළ සැකකරු කේරළ ගංජා තොගය සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
එම ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරට රැගෙන විත් බෙදා හැරීමට සුදානම් කර ධීවර වාඩියක සඟවා තිබියදීයි සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පලාලි පොලිසිය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.