මන්නාරම සහ පූනරින්හි ක්‍රියාත්මක කිරීමට සිය සමාගම විසින් යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව අදානි සමූහය පවසනවා.
එම සමාගම නිල ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, අදාළ වාර්තා අසත්‍ය හා නොමග යවනසුළු ඒවා බවයි.
පසුගිය ජනවාරි 2 වන දින ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2024 මැයි මාසයේදී අනුමත කරන ලද ගාස්තු, නැවත ඇගයීමට ගත් තීරණය නව රජය විසින් සිදු කරන ලද සම්මත සමාලෝචන ක්‍රියාවලියක් බවත්, සමාලෝචනය රටේ යාවත්කාලීන කරන ලද බලශක්ති ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සමග පෙළගැස්වීම සහතික කිරීම අරමුණු කර ගෙන ඇති බවත් එම නිවේදනයේ සඳහන්.
එම ව්‍යාපෘති අවංලගු කර නොමැති බවත් ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති අංශයේ ඩොලර් බිලියන 1ක ආයෝජනයක් වෙනුවෙන් සිය කැපවීම අවධාරණය කරනු ලබන බවත් අදානි සමාගම වැඩිදුරටත් සඳහන් කළා.