අහුන්ගල්ල වෙරළ තීරයේ දියනාමින් සිටියදී දිය වැලකට හසුවූ විදෙස් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් දෙදෙනෙකු විසින් ගොඩට ගත් අසාධ්‍ය තත්ත්වයේ සිටි එම විදෙස් ජාතිකයා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
කෙසේවෙතත් ඔහු සමඟ දිය වැලට හසුව සිටි විදෙස් ජාතික ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට එම පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් දෙදෙනා සමත් වී තිබෙනවා.
එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යුක්‍රේන ජාතිකයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.