පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු එරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත දීඝවාපිය, වෙහෙරගල විහාරස්ථාන භූමියේ සිදුකල වැටලීමකදීයි.
සැකකරුවන් අතර හිමිනමක් ද වන බවයි පොලිසිය පැවසුවේ.
එම හිමිනම දෙහිඕවිට ප්රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන බවත් අනෙක් සැකකරුවන් කුරුවිට ප්රදේශයේ පදිංචිකරුවන් බවත් එරගම පොලීසිය වැඩිදුරටත් පැවසුවා.