සුනඛයෙකු ඝාතනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් පෙබරවාරි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, මාන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම කාන්තාව මාන්කුලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
අසල්වැසි නිවෙසක සුනඛයෙකු විසින් සැකකාර කාන්තාවගේ නිවසේ සිටි එළුවන් සපා කෑමේ සිද්ධියක් මුල්කර ගනිමින් එම ඝාතනය සිදුකර තිබෙනවා.