මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්රී ලාංකිකයින් 119 දෙනෙකු ඊශ්රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙනවා.
ඊශ්රායලය බලා යාමට නියමිත 152 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයින් 34 දෙනෙකු ද ලබන 29 වනදා දිවයිනෙන් පිටත්ව යන බවයි ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
එම පිරිසට ගුවන් ටිකට්පත් පිරිනැමීම අද සිදුවුණා.
එහිදී කාන්තාවන් 29 දෙනෙකුට හා පිරිමි පුද්ගලයින් 05 දෙනෙකුට ගුවන් ටිකට්පත් පිරිනැමූ බවයි ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
ඊශ්රායලයේ සාත්තු සේවා ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකුට මුදල් ලබා දීමෙන් වලකින ලෙස එම කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියා.