එක්සත් ජාතික පක්ෂය සමග නව සන්ධානයක් ගොඩ නගන්නේ නම් පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයද වෙනස් විය යුතු බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පක්ෂ දෙක අතර පැවැත්වෙන සාකච්ඡා සුබවාදී මට්ටමෙන් ඉදිරියට යන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරදාන වරප්‍රසාද සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.