රතු කැකුළු සහල් අර්බුදය පදනම් කර ගනිමින් වෙනත් සහල් වර්ගවල මිල වැඩි කිරීමට රජය ඉඩ ලබා නොදෙන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු කියා සිටියේ වෙළඳපොළේ වෙනත් සහල් සම්බන්ධයෙන් අර්බුදයක් නොමැති බවයි.
පොල් හිඟය සම්බන්ධයෙන්ද ගත හැකි සෑම පියවරක්ම අනුගමනය කරමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
රතු කැකුළු සහල් අර්බුදයටද කඩිනමින් විසඳුමක් ලැබෙනු ඇති බවටයි අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේ.