Thursday, January 30, 2025

General line - 0115112241

හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වෙයි

මාධව කුලසූරිය




ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ දේශපාලන ප්‍රධානී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 82 වියේ පසුවුණා. 

යාපනයේ පිහිටි නිවසේදී ඉකුත් දා ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සේනාධිරාජා මහතා රෝහල්ගත කළ අතර යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

2001 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවේයි සේනාධිරාජා මහතා 2014 වසරේ සිට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක ලෙස කටයුතු කරනු ලැබුවා. 

පැවති අසනීප තත්ත්වයන් මත පසුගිය වසරේ ජනවාරි මස සිට සේනාධිරාජා මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්වූ අතර, අසනීප වී රෝහල්ගත කරන තෙක්ම ඔහු පක්ෂයේ අනුශාසක හා දේශපාලන කණ්ඩායම් නායක ලෙස කටයුතු කර තිබෙනවා.