Friday, January 31, 2025

General line - 0115112241

ගංවතුරෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීම අද සිට




පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. 

එම මණ්ඩලයේ  සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසුවේ පොළොන්නරුව, මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වී ගොවීන් සඳහා එම වන්දි ලබාදීම ආරම්භ කරන බවයි. 

ඒ අනුව වගා හානි සිදුවූ ගොවීන්ගේ ගිණුම්වලට අදාළ මුදල් බැර කිරීමට පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ. 

අද දිනයේදී අක්කර 13,379ක් සඳහා මෙම ගෙවීම් සිදු කිරීමට නියමිතයි.