Friday, January 31, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

හේරත් ඒකනායක




අප්‍රේල් මාසය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. 

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පාර්ලිමේන්තුව තුළ සම්මත වීමෙන් පසුව ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමේ හැකියාවක් මැතිවරණ කොමිසමට පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.

2024 ඡන්ද නාම ලේඛබනයට 2025 වසරේ පෙබරවාරි මස සිට අවුරුදු 18 සම්පූර්ණ වූ තවත් තරුණ ඡන්ද දායකයින් පිරිසක් එක් වන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ. 

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද මෙහිදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා.