Friday, January 31, 2025

General line - 0115112241

විපක්ෂ නායක සහ දේශපාලන පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක්




විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ පක්ෂ නායකයන් අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදුව තිබෙනවා. 

පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ජනතාවගේ හඬ වැඩි වැඩියෙන් නියෝජනය කරමින් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. 

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනගා ජනතාවගේ ගැටලු ආණ්ඩුවේ අවධානයට යොමු කිරීම සඳහා සැවොම පෙළ ගැසෙන ලෙසයි විපක්ෂය නියෝජනය කරන සෙසු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ. 

ඒ තුළින් වඩාත් ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කළ හැකි බවත් සඳහන් කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ ආණ්ඩුවේ යහපත් දෙයට සහය ලබාදෙන බවයි. 

රටට ජනතාවට හානියක් වන ඕනෑම අවස්ථාවක ඊට⁣එරෙහිව ජනතාව වෙනුවෙන් නැගී සිටිය යුතු බවද ඔහු පවසා තිබෙනවා. 

මෙම හමුවට අනුරාධ ජයරත්න, ශානක්‍යම් රාසමානික්කම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ගයන්ත කරුණාතිලක,    ජේ සී අලවතුවල, අජිත් පී පෙරේරා, රවී කරුණානායක ඇතුළු මන්ත්‍රීවරුන්  පිරිසක් එක්ව සිට තිබෙනවා.