Friday, January 31, 2025

General line - 0115112241

අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 3,065 දෙනෙකු ගැන තීරණයක්




සිය රටේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3,065 දෙනෙකු සිටින බව අමෙරිකානු සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය පවසනවා. 

ලොව පුරා රටවල් රැසකින් පැමිණ අමෙරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින දාහතර ලක්ෂ 45,549ක ලැයිස්තුවක් සකස් කර ඇති බවයි එම බලාධිකාරිය පවසන්නේ. 

ඒ, අමෙරිකානු නව පරිපාලනය විසින්. එම ලැයිස්තුවේ ඇතුළත් කර ඇත්තේ අමෙරිකාවෙන් ඉවත් කිරීමේ අවසාන ලැයිස්තුවට අයත් විදේශිකයන් සංඛ්‍යාව බවයි සදහන් වන්නේ. 

එලෙස අමෙරිකාවෙන් ඉවත් කරන විදේශිකයන් අතරින් වැඩිම පිරිස වන්නේ හොන්දුරාස් ජාතිකයන් වනවා.

එම ගණන දෙලක්‍ෂ 61,651 ක්. ගෝතමාලා ජාතිකයන් දෙලක්‍ෂ 53,413 ක් ද සිටින බව අමෙරිකානු සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය පවසනවා.

අමෙරිකානු රජයේ පියවරට සහාය නොදක්වන රටවල් ලැයිස්තුවක් ද ප්‍රසිද්ධ කර තිබෙනවා. 

කෙසේවෙත්ත ඊට ශ්‍රී ලංකාව ඇතුළත්ව නැහැ.