උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතරදී මාර්ගය මතට පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.
දුම්රිය මාර්ගය මතට කඩා වැටුණු පස් ඉවත් කිරීමේ කටයුතු කඩිනමින් ඉවත් කිරීමටයි දුම්රිය බලධාරීන් කටයුතු කළේ.
ඒ අනුව එම මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලු දුම්රියන් යළි ධාවනයට එක් කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.