අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වූවා.
කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට අද දහවල් ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
එහිදී පවුලේ ඥාතීන් සහ ඒ මහතාගේ සමීපතමයන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සාතිශය සංවේගය පළ කර තිබෙනවා.