ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බව එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් පවසා තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති සම්බන්ධවද එම නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා දැනුම්වත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.