වයස අවුරුදු 19යෙන් පහළ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියා කාන්තා කණ්ඩායම අද සමත් වුණා.
තරගය මැලේසියාවේ ක්වාලාලාම්පූර්හීදී පැවැත් වුණා.
කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩාම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 82ක් රැස්කර ගත්තා.
ලකුණු 83ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 11යි පන්දු 02ක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනිමින් පිට පිට 2 වරටත් 19න් පහළ ලෝක කුසලාන ශූරතාවය හිමිකර ගත්තා.