Monday, February 3, 2025

General line - 0115112241

වී පාලන මිලෙහි අවසන් තීරණය කැබිනට් මණ්ඩලයට

එන් ඒ ඩබ් නිරෝෂන්




වී සඳහා වන සහතික මිල ගණනය කර අමාත්‍ය මණ්ඩලයට ලබාදී ඇති බව වාර්තා වනවා. 

ඒ අනුව වී සඳහා වන අවසන් මිල තීරණය කිරීම අමාත්‍ය මණ්ඩලයේදී සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. 

වී අස්වනු නෙලීම ආරම්භයත් සමඟ ගොවීන් පසුගිය දින කිහිපය තුළම රජයෙන් ඉල්ලා සිටියේ වී සඳහා වන සහතික මිලක් කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙසයි. 

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ද සඳහන් කළේ ගොවීන්ගෙන් මිලදී ගන්නා වී කිලෝවක් සඳහා මේ වන විට සැලකිය යුතු මුදලක් වෙළෙන්ඳන්ගෙන් ලැබෙන බවයි. 

නිසැකවම වී ගොවිතැන සඳහා වැයවන මුදල් පිළිබඳ නිසි අධ්‍යයනයක් කර ඉදිරි දින කිහිප තුළදී වී සඳහා සහතික මිල නියම කරන බවද ඔහු පැවසුවා.
 

මේ අතර වී සඳහා වන සහතික මිල ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.


කෙසේවෙතත් වී පාලන මිල සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා දැක්වූයේ මෙවන් අදහසක්.