Saturday, February 1, 2025

General line - 0115112241

අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තුන්දෙනෙක් ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

උදය කුමාර




කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ සැරයන්වරු තුන් දෙනකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද නිෂ්ප්‍රභ කළා. 

මහින්ද සමයවර්ධන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළා. 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පොලිස්පතිවරයාට නියෝග කළේ එම නිලධාරීන් තවදුරටත් පොලිස් සේවයේ රඳවා ගැනීමට සුදුසු දැයි සොයා බලා තීරණයක් ගන්නා ලෙසයි. 

2020 වසරේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොග පිටස්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නිලධාරීන් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.