අම්බලන්තොට, ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකදී පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇලේගොඩ බටහිර ප්‍රදේශයේ නිවසකට ගොස් එහි සිටි පුද්ගලයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
බරපතල තුවාල ලැබූ ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අදාල නිවසේ ජීවත් වූ පුද්ගලයෙකු සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
අවුරුදු 34, 39 සහ 45 වයස්වල පසු වූ ඔවුන් ඇලේගොඩ හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
නිතී විරෝධී මත්පැන් ජාවාරමේ නිතරව සිටින දෙපාර්ශවයක් අතර කලට සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක් මත එම ඝාතන සිදුව ඇති බවයි මේ වන විට සිදුකල පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එම ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකල සැකකරුවන් පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය ඇතුළු තවත් පොලිස් ස්ථාන කීපයක නිලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.