බ්‍රසීලයේ ආර්ථික අගනුවර වන සා ඕ පාවුලෝ හි ප්‍රධාන මාවතකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ එම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවයි.
අදාළ සැහැල්ලු ගුවන් යානය කඩා වැටෙන අවස්ථාවේ බස් රථයකද ගැටී තිබෙනවා.
ඒත් සමග සැහැල්ලු ගුවන් යානය පුපුරා ගොස් ඇති බවයි එරට ගිනි නිවන භට ප්‍රධානී රොනාල්ඩෝ මෙලෝ මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අනුව ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ සැහැල්ලු ගුවන් යානයේ සිටි ගුවන් නියමුවා සහ මගියෙකු වනවා.
අනතුරට ලක්ව ඇත්තේ කිං එයාර් එෆ් නයින්ටි ගුවන් යානයක්.
එය බ්‍රසීලයේ දේශීය ගුවන් ගමන් හසුරවන කැම්පෝ ඩී මාර්ට් ගුවන් තොටුපොළෙන් ගුවන්ගත වී, මද වේලාවකින් පසු එම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.