9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල චීනයේ දී ආරම්භ වී තිබෙනවා
එම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ඊයේ රාත්‍රීයේ චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී පවත්වා තිබුනා
ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්
9 වන ආසියානු ශීත සෘතු ක්‍රීඩා උළෙල පෙබරවාරි 14 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර ක්‍රීඩා උළෙලේ තේමාව ශීත ඍතුවේ සිහිනය: ආසියාවේ ආදරයයි වනබවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
විචිත්‍රවත් අංග රැසකින් ඇරඹි 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ආසියානු මහාද්වීපය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1270 කට වැඩි පිරිසක් එක්ව තිබෙනවා
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු ද මෙවර 9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල සඳහා එක්ව සිටීම ද විශේෂත්වයකි.
අයිස් හොකී, ස්කේටිං, ස්කීං සහ ස්කී කඳු නැගීම වැනි සාම්ප්‍රදායික ශීත ක්‍රීඩා ද සමඟින් ඉසව් 64 ක් මෙවර තරඟාවලියට ඇතුළත් වන අතර, පිරිමි සහ කාන්තා කේවල සහ මිශ්‍ර යුගල ඇතුළු කාණ්ඩ කිහිපයකින් තරඟ වට පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ