ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයකට එරෙහිව එරට අධිකරණයෙන් තාවකාලික තහනමක් පනවා තිබෙනවා.
ඒ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් යූ.එස්.ඒඩ් සේවකයන් 2200 කට වැටුප් සහිත නිවාඩු ලබාදීමට ගත් තීරණයට එරෙහිවයි.
යූ.එස්.ඒඩ් වෘත්තීය සමිති මගින් ගොණු කළ නඩුවකට අනුවයි එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු කාල් නිකොල්ස් මෙම තහනම් නියෝගය ලබාදී ඇත්තේ.
තවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් දැනටමත් නිවාඩු ලබා දී ඇති USAID කාර්ය මණ්ඩලය නැවත සේවයේ පිහිටුවීමට ද විනිසුරුවරයා නියෝග කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
නමුත් දශක හයක් පැරණි ආයතනය සහ එහි කටයුතු වසා දමා ඇති ට්‍රම්ප් පරිපාලන අරමුදල් කැටි කිරීම තාවකාලිකව අත්හිටුවීමට ෆෙඩරල් සේවක සංගම් දෙකක් කළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එක්සත් ජනපද රජයේ ප්‍රධාන විදේශීය සංවර්ධන අංශය වන මෙහි දස දහසක පමණ පිරිසක් සේවය කරනවා.
එම පිරිසෙන් තුනෙන් දෙකක්ම සේවය කරන්නේ ඇමෙරිකාවෙන් පිටත වීම විශේෂත්වයක්.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්ම මෙහි සේවකයන් 611 දෙනෙකු පමණක් රඳවා ගැනීමයි.
ඩොනල්ට් ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ විශාල සේවක පිරිසක් මෙහි සිටීමෙන් රටට විශාල මුදලක් අහිමි වන බවයි.
ඇමරිකානු විදේශ සේවා සංගමය සහ ඇමරිකානු රජයේ සේවකයින්ගේ සම්මේලනය තර්ක කරන්නේ, කොන්ග්‍රසයේ අනුමැතියකින් තොරව දශක හයක් පැරණි USAID ඒජන්සිය වසා දැමීමට ට්‍රම්ප්ට බලයක් නොමැති බවයි.
කෙසේ නමුත් ඩොනල්ට් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් USAID ආයතනය සඳහා අරමුදල් සැපයීම සියල්ලම පාහේ නවතා දමා ඇති අතර ලොව පුරා ආධාර සහ සංවර්ධන වැඩසටහන් නවතා දමා, ආයතනයේ විද්‍යුත් තැපෑලෙන් සහ අනෙකුත් පද්ධතිවලින්ද ඔවුන්ව අවහිර කර තිබෙනවා